gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ ගමේ වැසියන් කටුවන පොලිසිය වටලයි

කටුවන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් (12) මිය යෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කටුවන පොලිසියට විරෝධය පලකරමින් පොලිසිය වටලා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

කටුවන බෙංගමු කන්ද ප්‍රදේශයේ නීති විරෝධි මත් පැන් පෙරීමේ ස්ථානයක් ඇති බවට එම ස්ථානය පෙන්වීමට යැයි පවසා එහි රැගෙන ගිය පුද්ගලයාට පොලිසිය පහර දීමක් සිදු වූ හෙයින් එම පහර දීමෙන්
පසු එම පුද්ගලයා මිය ගොස් ඇති බව පවසමින් කටුවන පොලිසියට ජනතාව මෙලෙස විරෝධය දක්වා තිබේ. මිය ගිය පුද්ගලයාගේ සිරුර කටුවන රෝහලේ ඇති බව ජනතාව පවසති.

සිද්ධිය සමතයට පත් කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරීන් රැසක් මේ වන විට කටුවන පොලිසිය වෙත පැමිණෙමින් සිටී.

කටුවන පොලිසිය ඉදිරිපිට ටයර් පුළුස්සා ප්‍රදේශවාසීන විරෝධය පල කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන සාධාරණය ඉටුකරන බව උසස් පොලිස් නිලධාරීයකු ජනතාවට පවසා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ ගම් පෙදෙසවන මැදමුලනට අයත් පොලිස් බල ප්‍රදේශය වන්නේ කටුවනයි.

ඡායා-ලංකාදීප

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka