gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උඩවලවේ මරා දැමූ ඇත් පැටවා වෙනුවෙන් බණක් කියා දානයක් දෙයි..

පසුගියදා වෙඩිතබා  මරා දමන ලද උඩවලව ඇත් පැටිවා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් සිදුකරන ලදී.

ආචාර්ය ඕමල්පේ සොභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය තරුණ බෞද්ධ සංගමය එක්ව මෙම පිං පැමිනවීමේ කටයුත්ත සිදු විය. මේ සදහා මහා සංඝරත්නය පනස්නමක් පමණ වැඩ සිටින ලදී.ඇඹිලිපිටිය සෙවනගල ප්‍රාෙද්ශීය
ලේකම්වරුන් මෙන්ම ඇඹිලිපිටිය අවට පොලිස් ස්ථානාධිපතිවරුන් මහවැලි නිළධාරීන් පැමින සිටියහ.

මහා සංඝරත්නය ඇතුලු පිරිස උඩවලව ඇත් අතුරු සෙවනට ගොස් අලි පැටවුන් සදහා රුපියල් 75000කට වඩා වැඩි වටිනාකමකින් යුත් කිරිපිටි දානමය පුණ්‍ය කර්මයක් සිදු කරීම සිදු විය.පසුව උඩවලව ජලාශයේ පිටවාන අසල ඇත්පැටවා වෙඩිතබා ගාතනය කල ස්ථානයට ගොස් එම ස්ථානයේ ආගමික වතාවත් සිදු කිරීම මහා සංඝරත්නය විසින් සිදු කරන ලදී.

ඉන් අනතුරුව මතක වස්ත්‍ර පුජා කර පැන් වඩා අටපිරිකර හා සෙසු පිරිකර පූජාකර ඇත්පැටවාට පිං අනුමෝදන් කිරීම සිදු විය.මෙම අවස්ථාව සදහා විදේශිකයන්ද පැමින සිටිනු දක්නට හැකි විය.මෙහිදී උඩවලව ජීප් රථ සංගමය මෙන්ම වනජීවී නිළධාරීන් උඩවලව හෝටල් හිමියන්ද මේ පිංකම සදහා සහභාගී විය.

- lankacnews

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka