gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුපියල් 60කින් ගාස්තු අරඹන ත්‍රීරෝද රථ වර්ජනය කරන්න

පෙට්‍රල් මිල රුපියල් 20 කින් පමණ අඩුව තිබෙනා සමයක රුපියල් 60න් ගමන් ගාස්තුව අරඹන ත්‍රීරෝද රථ වර්ජනය කරන්නැයි මගී අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම සංවිධානයේ කැඳවුම්කරු සාගර ධනංජය මාධ්‍ය අමතමින් මේ බව ප්‍රකාශ කළා. මෙලෙසින් මගීන්ගේ මුදල් සූරාකන ත්‍රීරෝද රථ රියැදුරන්ට එරෙහිව දැඩිව
නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

ඊයේ(07) මාධ්‍ය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ

“දැන් පෙට්‍රල් මිල අවස්ථා තුනකදී රජය අඩු කළා. එතකොට රුපියල් 20 කින් පෙට්‍රල් මිල අඩුවුණා. එතකොට රීරෝද රථවල ගමන්ගන්නා මගී ජනතාවට අනිවාර්යයෙන්ම සහන ලැබිය යුතුයි. එතකොට දැන් ත්‍රීරෝද රථවල ගමන් ගාස්තුව රුපියල් 50 කින් ආරම්භ කළ හැකියි. එහෙම පුළුවන්කම තිබෙද්දී බොහෝ ත්‍රීරෝද රථ රියැදුරන් තවමත් ගමන් ගාස්තුව පටන් ගන්නේ රුපියල් 60න්. මේක අසාධාරණයි.

මම මගී ජනතාවට කියන්නේ රුපියල් 60 න් පටන්ගන්නා රීරෝද රථ ගාස්තුව වර්ජනය කරන්න කියලයි. මොකද මේ අසාධාරණ ගාස්තු අයකිරීම් වලට මගියා කොහොමටවත් එකඟ වෙන්නේ නැහැ. අනිත් එක මම මගී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගෙන් අසාධාරණ ලෙස ගමන් ගාස්තු අයකරනවා නම් ඒ ගැන ළඟම පොලිසියට පැමිණිලි කරන්න කියලයි" යනුවෙනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka