gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රියේ හැපී ගවයින් 27 දෙනෙකු මිය යයි

උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය මුරුගණ්ඩි ප්‍රදේශයේදී ගවරැලක් ඊයේ (31) රාත්‍රියේ උත්තර දේවි දුම්රියේ වැදීමෙන් ගවයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ.

උත්තර දේවී දුම්රිය ඊයේ කොළඹ සිට යාපනය දක්වා ධාවනය වී ඇති අතර එහිදී මුරුගණ්ඩි ප්‍රදේශයේ තවමත් පවතින ගංවතුර තත්වය හේතුවෙන් ගවයින් විශාල ප්‍රමාණයක් දුම්රිය මාර්ගයේ රැඳීසිට ඇති අතර එම අවස්ථාවේදී පැමිණි උත්තර දේවි දුම්රියේ ගව රැල වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙසේ අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය ස්කන්දපුරම් ප්‍රදේශයේ පදිංචි අයිතිකරුවෙකුගේ ගවයින් පිරිසක් වන අතර මේ දිනවල කිලිනොච්චියට බලපෑ ගංවතුර හේතුවෙන් බොහෝ සතුන් ප්‍රදේශයන්හි මාර්ගවල හා දුම්රිය මාර්ගයන්හි දිවි ගෙවීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බවටද කිලිනොච්චි වැසියන් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka