gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2019 වසර දුෂණයෙන් තොර කරනවා - ජනපති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර දළඳා මාලිගය වැඳ පුදාගෙන තිබේ.

ජනාධිපතිවරයා ඊයේ (31) පෙරවරුවේ දළඳා මාලිගය වැද පුදාගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැක ආශිර්වාද ලබාගත්හ.

අනතුරුව ජනාධිපතිවරයා, රෝගාතුර වී සිටින රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමිගේ සුවදුක් විමසීමට ද ගොස් තිබේ.
සෑම වසරකම සිරිතක් ලෙස දෙසැම්බර් මස 31වනදාට තමන් දළඳා සමිදු වැඳපුදා ගනිමින් නව වසරට අශීර්වාද ලබා ගැනීමට පැමිනෙන බව ජනාධිපතිවරයා පවසයි.

පසුගිය වසරේදි ලැබු අත්දැකිම් සමඟ ඉදිරි වසරේදි කටයුතු කිරිමට සියලු දෙනා සිහි තබා ගත යුතු බවත් අභියෝග ජය ගැනීමට අවශ්‍ය බවත් ජනාධීපතිවරයා එහිදි පැවසීය.

එළඹෙන වසරේදි දුගී බව තුරන් කිරිමට කටයුතු කළ යුතු බවත් රට ගොඩ නැගීම සඳහා රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලඥයින් හෘද සාක්ෂීයට එකඟව අවංකව තම රාජකාරි සිදු කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

දේශපාල පවිත්‍ර බාවය සහ දුෂණයෙන් තොර රටක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka