gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාරිපොට නිසා ගුරුතුමිය අවසන් ගමන් යයි

සිය ස්වාමි පුරුෂයා සමග යතුරුපැදියෙහි ගමන් කරමින් සිටි දෙනියාය කොලවෙනිගම ජාතික පාසලේ ගුරවරියක් පෙරේදා (01දා) සිය සාරිපොට යතුරුපැදියේ පැටළීමෙන් යතුරුපැදියෙන් වැටී සිදුවූ රිය අනතුරකින් පසුව මිය ගොස් ඇත.

ඇය අනතුරින් පසු පළමුව දෙනියාය කොලවෙනිගම රෝහලකට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එදින රාත්‍රියේ මෙසේ ජීවිතක්ෂයට පත්ව
ඇතැයි මොරවක පොලිසිය පැවසීය. මෙසේ මිය ගොස් ඇත්තේ පානදුර රන්තිරිමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන 36 හැවරිදි රන්දිමා සංජීවනී නමැති දෙදරු මවකි.

ඇය දෙනියාය කොලවෙනිගම ජාතික පාසලේ ගුරු නේවාසිකාගාරයෙහි නේවාසිකව සිට ඇත. සිය ස්වාමිපුරුෂයා සමග යතුරුපැදියෙන් පෙරේදා සවස 6.30 පමණ කළුබෝවිටි වතුගොඩ ප‍්‍රදේශයට පැමිණෙමින් සිටියදී යතුරුපැදියෙහි පසුපස අසුනෙහි ගමන් කරන විට සිය සාරි පට යතුරුපැදියෙහි පසුපස රෝදයෙහි පැටලී ඇත. පසුව ඇය යතුරුපැදියෙන් විසිවී ගොස් තිබේ. ඇය පැළඳ සිටි හිස් ආවරණය ගැලවී හිස මාර්ගයෙහි ගැටී ඇතැයි අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන මොරවක පොලිසිය පවසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka