gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් පෙළපොත් නිසි වෙලාවට නෑ

මෙවර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කළ පෙළපොත්වලින් සියයට හතළිහක් පමණ පාසල්වලට බෙදාහැරීමට එම දෙපාර්තමේන්තුව අසමත්ව තිබෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ඒ අනුව මෙවර රුපියල් මිලියන 2,400ක් වැය කොට මිලියන 40ක පෙළපොත් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති අතර එම කටයුතු භාරව සිටි නිලධාරීන්ගේ
වරදින් පෙළපොත් බෙදා හැරීම ප්‍රමාද වී ඇතැයිද ඒ මහතා කීය.

2019 වසර සඳහා මෙවර පෙළපොත් මිලියන 40ක් මුද්‍රණය කර ඇති අතර පාසල් නිවාඩුවට පෙර එම පොත් පාසල් දරුවන්ට බෙදා නොදීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළ යුතුව ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

2018 වසර සඳහා 2017 වසරේදී මුද්‍රණය කරනු ලැබුවේ පෙළපොත් මිලියන 27ක් පමණකි. ඒ නිසා 2018 වසරේ බොහෝ දෙනකුට අලුත් පෙළපොත් නොලැබුණ බවද ස්ටාලින් මහතා කීය.

මෙවර මුද්‍රණය කළ පෙළපොත් නිසි පරිදි බෙදා හැරීමට නොහැකිවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ අලුත් විෂය නිර්දේශවලට අදාළව පෙළපොත් තොගයක් මුද්‍රණය කිරීමට සිදුවීම නිසා පෙළපොත් බෙදා හැරීමේ කටයුතු ප්‍රමාද වූ බවයි.

කෙසේ වෙතත් බෙදා හැරීමට නොහැකි වූ පෙළපොත් නිවාඩු කාලයේ දී පාසල්වලට බෙදා හරින බවද ලේකම්වරයා කීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka