gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාසල්රි ජලාශයට තෙල් ගලාඒමක් !

ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනට විශාල ලෙස ජලය සපයන කාසල්රි ජලාශයට දින කිහිපයක සිට විශාල වශයෙන් තෙල් ගලා එන බව එම ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටියි.

එසේ ගලා එන තෙල් ජලාශ වේල්ල අභියස තැන්පත් වන බවත්, විදුලි උත්පාදනයට ජලය නිකුත් කිරීමෙන් පසු එම තෙල් තට්ටු කැළණි ගඟට ගලායාම සිදුවේ.

කාසල්රි ජලාශයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ග
සහ ගංගා වලට ඉතා සුක්ෂම ලෙස තෙල් මුදා හැරීම නිසා කාසල්රි ජලාශයට මෙසේ තෙල් ගලා එන බවට සැකයක් මේවන විට ඇතිව තිබේ.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට ගලා බසින කෙසෙල්ගමුඔයෙන් සහ හැටන් සිට කාසල්රි ජලාශයට දික්ඔය ඇළ මාර්ගය ඔස්සේ ජලය ගලා බසි.

කෙසෙල්ගමුඔය මේ දිනවල නොර්වුඩ් ප්‍රදේශයෙන් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් පුළුල් කිරිමේ කටයුතු සිදු කරන අතර කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින ගංඟා සහ ඇළ මාර්ග අවට තේ කර්මාන්ත ශාලා ගණනාවක්ද පිහිටා තිබේ.

තෙල් තට්ටු ගලා ඒම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර ඇති බවත්, එම නිලධාරීන් මේවන තෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි ද කාසල්රී ආරක්ෂක අංශය තහවුරු කළේය.

කාසල්රි ජලාශයට ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් පසුගිය කාලයේ විශාල වශයෙන් මිරිදිය මසුන් මුදා හැර ඇති බවත්, ජලාශයට මෙසේ තෙල් ගලා එන්නේ නම් එම ජලාශයේ වෙසෙන මසුන්ට අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකි බව එම අධිකාරියේ උසස් නිලධාරීන් කියා සිටිති.

සටහන හා ඡායාරූප - රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka