ඉතාලියේ ගොඩනැගිල්ලකින් වැටී ලාංකික දැරිවියක් ජීවිතක්ෂයට

ඉතාලියේ වෙරොනා නුවර තම දෙමාපියන් සමග ජිවත් වු 12 හැවිරිදි දැරියක් ඔවුන් ජිවත් වු මහල් නිවාසයේ හතරවැනි තට්ටුවෙන් ඇද වැටි ඊයේ (09දා) දහවල් මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස අවාසනාවන්ත ලෙසින් මියගොස් ඇත්තේ වෙන්නප්පුව බොරලැස්සේ පදිංචි ෂෙහාරා සෝවිස් නැමති 12 හැවිරිදි දැරියකි.

දැරිය ජිවත් වු නිවාසයේ නාන කාමරයත් සමග පිටතින් රෙදි වැනීම සඳහා සදහා සවිකර තිබු උපකරණයද කඩාගෙන දැරිය පහතට වැටි ඇත. අනතුර සම්බන්ධයෙන් වෙරොනා නාගරික පොලිසිය
විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දැරිය ලංකාවේ තම ආච්චි හා සියා සමග ලංකාවේ පාසැලක ඉගෙනුම ලබමින් සිටියදි වීසා අලුත් කර ගැනිමට පසුගිය ජුනි මාසයේ ඉතාලියේ තම මාපියන් ළඟට ගොස් ඇති බවත් ජනවාරි මාසයේ සිට නැවත පාසැල් යාමට පැමිණිමට සිටියදි මෙම අනතුර සිදුව ඇති බව දැරියගේ ඥාතීන් පැවැසීය.

gossip lanka