gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාන් දැමූ ඉරණමඩු ජලාශය පළමු බිල්ල ගනියි

කිලිනොච්චිය ඉරණමඩුව ජලාශයේ වානේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ඊයේ (09) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලීසිය පැවසීය.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ යාපනය චාවකච්චේරි, මීසාලෙයි ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි එන්. ඩිලක්ෂන් නමැති පුද්ගලයෙකු එලෙස දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ජලය පිරුණු
ඉරණමඩුව වැවේ වාන්දොරටු පසුගිය 07 වැනිදා අතින් විවෘත වූ අතර ඊයේ (09) දිනයේදීද වාන් දොරටු අටක් විවෘත කොට තිබි ඇති අතර, වාන්දමන ජලයේ දිය නෑමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා‍ ජලයේ ගිලී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පොලිසිය පැවසූවේ වාන් දමන ඉරණමඩුව වැව නිරීක්ෂණයට විශාල පිරිසක් ඊයේ (09) එක්ව සිට ඇති අතර, එලෙස පැමිණි පිරිස් අතරින් කුඩා දැරියකද වාන් ජලයට වැටුනද අසල සිටි තරුණයින් එම දැරියගේ ජීවිතය බේරාගෙන ඇති අතර ඉරනමුඩු ජලාශයේ වානෙන් පුද්ගලයෙකු දිය නෑමට ගිය අවස්ථාවේදී එම තරුණයා දියේ ගිලීමෙන් මෙම සිදුවීම සිදු ඇති බවයි.

දියේ ගිලුණු පුද්ගලයා කිලිනොච්චිය පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන් ගොඩගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර,ගොඩගන්නා අවස්ථාවේදීම අදාළ පුද්ගලයා මියගොස් සිට ඇති අතර එම අවස්ථාවේදී විශාල ජනතාවක් පැමිණ සිටියහ.

මියගිය පුද්ගලයාගේ සිරුර කිලි‍නොච්චිය රෝහල් මෘත ශරීරාගා‍රයේ තැන්පත් කොට ඇති අතර,සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් ඉරණමඩු ජලාශයේ වාන් දැමීම නැරඹීම සඳහා මේ දිනවල විශාල පිරිසක් පැමිණෙන පැවින් කුඩා දරුවන් සමග උස් ස්ථානවල සිට නැරඹීම තහනම් කොට ඇති බවටත් කුඩා දරුවන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසටත් ජනතාව දැනුවත් කර ඇති බවට කිලිනොච්චිය වාරිමාර්ග නිලධාරීන් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka