gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වතුකරය පුරා අඛණ්ඩ වැඩ වර්ජන

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් ලංකා කම්කරු කොන්ග්‍රසය  (04) සිට වතුකරය පුරා ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය සාර්ථක බව ලංකා කම්කරු කෙන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.අරුල්සාමි මහතා පැවසිය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් එස්.අරුල්සාමි මහතා කියා සිටියේ වතු කම්කරුවන්ට දැනට දිනකට ගෙවන රු 530 මුලික වැටුප රු 600 දක්වා වැඩි කිරිමට වතු සමාගම් මෙතෙක් පැවති සාකච්ඡා වට වලදි එකගතාවය පල කල බවයි.
සියළු දිමනා සමග දිනකට  රු 1000 ආසන්න මුදලක් ලබා දිමට වතු සමාගම් එකග වුවත්, තමන් ඉල්ලන්නේ මුලික වැටුප රු 1000 වතු කම්කරුවන්ට ලබාදෙන ලෙසයි.

වතු කම්කරුවන් අද සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන නිසා වතුකරයේ තේ කර්මාන්ත ශාලා සහ ඇතැම් වතු කාර්යයාල සම්පුර්ණයෙන්ම වසා දැමිමට වතු කම්කරුවන් කටයුතු කර තිබේ.

(03) දින වතු කම්කරුවන් විසින් නෙළු තේ දළු තේ කර්මාන්ත ශාලාවේ තේ  නිෂ්පාදන කටයුතු සදහා පදම් කර තිබියදි වතු කම්කරුවන් එක වරම අද උදැසන සිට සේවා ස්ථානවලින් බැහැර විම නිසා එම තේ දළු තේ නිෂ්පාදනය කිරිමට නොහැකි විම හේතුවෙන්  වතු සමාගම්වලට විශාල පාඩුවක් සිදු වන බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.

– රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka