පාර්ලිමේන්තුව ලබන 12 වනදා දක්වා කල් තබයි

අද (05) පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කෙරිණි.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය අද සැසිවාරයට සහභාගී නොවූ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම තනිවම පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටිනු දක්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සිය වෙනත් කටයුත්තක් සඳහා අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණි බවත් සැසියට සහභාගී නොවූ බවත්ය.
පසුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ කටයුතු ලබන 12 වැනිදා පස්වරු 01.00 දක්වා කල්තැබීය.

ඒ අනුව රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය මේ වනවිට පැවැත්වෙන අතර එය පස්වරු 05.30 දක්වා ක්‍රියාත්මකය.