gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බොරලැස්ගමුවේ ගබඩාවක ලක්ෂ 60ක විස්කි, බ්‍රැන්ඩි සුරාබදු දැලේ

බොරලැස්ගමුව ප්‍රදේශයේ විදේශීය මත්පැන් බෙදාහරින මධ්‍යස්ථානයක් වටලා සුඛෝපබෝගී වෑන් රථයකින් ගෙනෙන ලද රුපියල් හැට ලක්ෂයක් (60 00 000/-)වටිනා විදේශීය මත්පැන් තොගයක් සුරාබදු අපරාධ අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

 අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ  විස්කි, බ්‍රැන්ඩි. රම්. වොඞ්කා, ටිකිලා සහ වයින් ඇතුළු විදේශ මත්පැන් බොතල් 2500 කට අධික ප්‍රමාණයක් තිබු බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ,සුරාබදු මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පවසයි.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එස් .සේමසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම මත්පැන් බෙදා හැරීමේ මධ්‍යස්ථානය පරික්ෂා කිරීමේදී ශ්‍රී ලංකාවේ පරිභෝජනය සඳහා අවසරයකින් තොරව ගෙනෙන ලද තවත් විදේශීය මත්පැන් බෝතල් 200 ක්ද සොයා ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

 ශ්‍රී ලංකාව තුල විදේශ රටවලින් ගෙන්වන ලද මෙවැනි මත්පැන් නිසා රජයට ලැබිය යුතු විශාල බදු ප්‍රමාණයක් අහිමි විම හේතුවෙන් රජය අපේක්ෂිත නියමිත සුරා බද්ද දිගින් දිගටම අඩු වීමේ අවදානමකට ලක් වී ඇතැයිද කපිල කුමාරසිංහ මහතා පවසයි.

 අත්අඩංගුවට ගත් මත්පැන් තොගය පිළිබද සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගේ උපදෙස් මත සුරාබදු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 සුරාබදු කොමසාරිස් ජනරාල් ආර්.සේමසිංහ , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (ආදායම්) ඩබ්ල්ව්.එම්.බී. වන්සූරිය ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ යන මහත් වරුන්ගේ උපදෙස් මත, සුරාබදු අපරාධ අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක ඒ.ආර්. ලැම්බට් මහතාගේ මෙහෙයවීම මත , සුරාබදු පරීක්ෂක අකිල රත්මලවින්න, සුරාබදු නියාමකවරුන්වන 1141 රමිත දේශාන්, 1049 ශක්ති ශ්‍රී ජයවර්ධන, 1031 උපුල් ප්‍රියංකර, රියදුරු සුසන්ත යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka