gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හදිසියේම හෙළිකොප්ටර් ගොඩබෑමෙන් තංගල්ල කැළඹෙයි

විදේශීය සංචාරකයින්  පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානා දෙකක් තංගල්ල බස්නැවතුම්පොළ පිටුපස පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට අපරික්ෂාකාරී අන්දමින් ගොඩබෑම හේතුවෙන් ඇති වූ අධික සුළං තත්ත්වය නිසා  තංගල්ල නගරයේ පිහිටි බොහෝ වෙළදසැල්හි  වහළ  කැඩී, නාම  පුවරු ගැලවී තිබූ අතර මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩපයටද  හානි වී තිබේ.

තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීම සඳහා විදෙස් සංචාරකයින් රැගත් මෙම හෙලිකොප්ටර් යානා දෙක ඊයේ  (04) දහවල් තංගල්ලට පැමිණ තිබිණි.

එම හෙලිකොප්ටර් යානා තංගල්ල නගරයට ඉහළින් ඉතා පහතින් පියාසර කිරීම නිසා ඇති වූ සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස නගරයේ වෙළෙදසැල්වලට හානි සිදුවිය. වෙළෙදසැල් වල වහලයන්හී අතැම් කොටස් ගැලවී තිබූ අතර නාමපුවරුද ගැලවීගොස් බිම පතිත වී තිබිණි.

තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණ  භූමියේ තිබූ තේක්ක ගසක කොටසක්ද කැඩී ගොස් තිබූ අතර ක්‍රීඩා මණ්ඩපයටද හානි සිදුව ඇත. තවද මේ හේතුවෙන් නගරයේ විදුලියද විසන්ධි විය.

හෙලිකොප්ටර් යානා ක්‍රීඩාංගණයට ගොඩබැස්සවූ ආවස්ථාවේදී ඉතා පැහැදිලි කාලගුණයක්ද දක්නට ලැබිණි.

වෙළෙදසැල් වලින් ගැලවී ගිය පුවරු මාර්ගයට පතිත වී තිබූ අතර ඒවා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු සහ නගරවාසීන්ගේ මැදිහත්වීමෙන් ඉවත් කිරීමට කටයුතු කළහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka