gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්

ජනතා පරමාධිපත්‍ය බලයට හිස නමා කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් පැවිදි හඬ සංවිධානය ඊයේ (4) කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය අසලින් රිය පෙරහරක් ආරම්භ කෙරිණි.

පැවිදි හඬ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කරනු ලැබූ මෙම රථ පෙරහර හික්කඩුව සීනිගම දේවාලයට ගොස් දේව කන්නලව්වක ද නිරත වූහ.
මහ මැතිවරණයකට බල කරමින් පැවැත්වුණු මෙම රථ පෙරහර ආරම්භ කිරීමට ප්‍රථම නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඤ්ඤායනය කර ආශිර්වාද කළහ.

පසුගිය 29 වැනිදා අභයාරාම විහාරස්ථානයෙන් ඇරඹි මැතිවරණයට බල කරන අත්සන් පනස් ලක්ෂයක් ලබා ගැනීමේ ජනතා පෙත්සම පෙරටු කරගත් රථ පෙරහර වැල්ලවත්ත, මොරටුව, පානදුර, වාද්දුව, කළුතර,බේරුවල,අම්බලන්ගොඩ නගර ඔස්සේ සීනිගම දේවාලයට ළඟා විය.

පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ,එම සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka