gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීපාද වන්දනා සමය අදින් ඇරඹේ

උඳුවප් පුන් පොහෝය දිනය උදාවීමත් සමඟ ශ්‍රීපාද වන්දනා සමය අද (22) සිට ආරම්භ වන බව ශ්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬු සහ සුමන සමන් දේව ප්‍රතිමා පෙරහර තුනකින් ශ්‍රීපාද මලුව කරා වැඩම කරවීම ඊයේ (21) උදෑසන ආරම්භ විය.
ඉන් පළමු පෙරහර අද අලුයම 05.20ට පමණ පැල්මඩුල්ලෙන් පිටත්ව රත්නපුර නවනගරය, හිදැල්ලන, කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, තල්දූව, දෙහිඕවිට, කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල, ගිනිගත්හේන, වටවල, හැටන්, නොර්වුඞ්, මස්කෙළිය හරහා නල්ලතන්නියේ පිහිටි ශ්‍රීපාද බොද්ධ මධ්‍යස්ථානයට රිය පෙරහරින් ද එතැන් සිට සිරිපා මලුවට පා ගමනින්ද වැඩම කරවනු ලැබීය.

දෙවන පෙරහර පෙරවරු 06.19ට යෙදුන සුබ මොහොතින් රත්නපුර ශ්‍රී පලාබද්ගල මාර්ග හෙවත් පැරණි රජමාවත ඔස්සේ සිරිපා මලුව කරා ගමන් ගමන් ආරම්භ කර අතර පැල්මඩුල්ල, රිල්හේන, සන්නස්ගම, ලෙල්ලොපිටිය, පතුල්පාන, බටුගෙදර, කුඩුගල්වත්ත, රත්නපුර නගරය හරහා සබරගමු මහ සමන් දේවලය වෙත ගමන් කළේය.

එම පෙරහර නැවත රත්නපුර නව නගරය ඔස්සේ රත්නපුර නගරය වෙත පැමිණ, මල්වල, ගිලීමලේ, කාර්ණිය ඔස්සේ ශ්‍රී පලාබද්ගල රජමහා විහාරස්ථානය වෙත රිය පෙරහරින් ගමන්කළේය. එතැන් සිට සිරිපා මලුව කරා පාගමනින් පැමිණ 22 දින අලුයම වනවිට සිරිපා මලුව ට වැඩම කරනු ඇත.

තුන්වන රිය පෙරහර 21 දින පෙරවරු 07.20ට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයෙන් පිටත් වූ අතර හුණුවල, ඕපනායක, ඇල්ලෙපොල, බළන්ගොඩ හරහා ඇල්ලෙආරව හන්දිය තෙක් ගමන්කර එතැනින් මොරහැල, පින්නවල, පුඩුකාඩුව, මාරතැන්න කොටියාගල, බගවන්තලාව, නොර්වුඞ්, මස්කෙළිය හරහා නල්ලතන්නිය ශ්‍රීපාද බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගමන් කළේය. එතැන් සිට පාගමනින් හෙට අලුයම වනවිට සධාතුක කරඬුව සහ සමනදේව ප්‍රතිමාව රැගත් පෙරහර සිරිපා මලුව වෙත වැඩම කරවනු ඇත.

මාර්ග දෙපස සිට බැතිමත්හු විශාල පිරිසක් සුමන් සමන් දෙවියන් වෙනුවෙන් පුද පඬුරු සහ පුෂ්පෝහාර දැක්වූහ.

ශ්‍රී ලංකාවේ දිගම බෞද්ධ පෙරහර මෙම සිරිපා වන්දනාවාරය අරඹන පෙරහර වන අතර රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කාර්ය මණ්ඩල, බෞද්ධ සංවිධාන, විවිධ ස්වේච්ඡා සංවිධාන මෙන් ම මහජනතාව ද මෙම සමන් දේව පෙරහරට සහාය දැක්වති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka