gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මට ඇමති ධූරය දෙන්නෑ කියලා මාසයක් කිව්වා - ෆොන්සේකා

තමාට දේශපාලනය සිදු කල හැකි නම් ඕනෑම අයෙක් විවේචනය කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වීමට පෙර එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

එයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
තමාට වත්මන් රජයේ කිසිදු අමාත්‍යධුරයක් ලබා නොදෙන බව මාසයක පමණ කාලයක් පුරා පැවසු බවත්, වෛරීය ආකල්ප මත අමාත්‍යධූරයක් තමාට ලබා නොදෙන බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් කථා කිරීමට ගිය අගමැතිවරයාට හා සෙසු මන්ත්‍රීවරු සිව් දෙනෙකුට ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමාව ෆීල්ඩ් මාර්ෂල් කෙනෙකු කළ බැවින් දේශපාලන විවේචනය සිදු කිරීම වැරදි ක්‍රියාවක් බව යැයි ද සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ෆීල්ඩ් මාර්ෂල් තනතුර හා දේශපාලන පටලවා ගෙන මෙය සිදු කළ නොහැකි බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබා දුන් අවස්ථාවේ දී තමා විශ්‍රාමික බවත්, ඕනෑම අවස්ථාවක මන්ත්‍රී ධූරයක් හෝ ඇමති ධූරයක් දැරිය හැකි බව බව පාර්ලිමේන්තුවේ දී පැවසු බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

කිසිදු අවස්ථාවක ජනපති සමඟ තමාට ගැටුමක් නොමැති බවත්, ඉදිරියේ දී තමාට සාධාරණයක් ඉටුවේයැයි බලාපොරොත්තු වන බවත් සරත් ෆොන්සේකා මහතා මෙහිදී පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka