gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉදිරි මැතිවරණයේදී සන්ධාන 3ක්

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් පුළුල් දේශපාලන සන්ධාන තුනක් ඉදිරි සති කිහිපය තුළ බිහි වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ තවත් පක්ෂ කිහිපයක් එක්ව පුළුල් සන්ධානයක් බිහි කිරීම සම්බන්ධයෙන් මේ වන විට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර එම පෙරමුණ 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය' යනුවෙන් නම් කර ඇත.
එලෙසම පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව තවත් පක්ෂ රැසකගේ සහභාගිත්වයෙන් සන්ධානගතව මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව ඒ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා සිදු කරමින් සිටී.

‍මේ අතර එම ප්‍රධාන පක්ෂවලින් ඉවත් වූ දේශපාලන නායකයන් ඇතුළු වාමාංශික දේශපාලන මත දරන කණ්ඩායම් එක්ව සන්ධාන ගත වී මැතිවරණයට තරග කිරීමට සූදානම් වන බව පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka