gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිව්ස්, දිමුත් සහ දික්වැල්ල ශ‍්‍රී ලංකාවේ ගෞරවය රැක ගනියි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 09ක් දැවී ලකුණු 275ක් ලබා සිටියා. නොදැවී කඩුල්ලේ රැුඳී සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 73ක් ලබා සිටි අතර පන්දුවට පහරදීමට නියමිතව සිටින අනෙක් පිතිකරුවා වන්නේ ලහිරු කුමාරයි.
ශ‍්‍රී ලංකා ඉනිමේ මුල් කඩුළු 03 බිඳ වැටුණේ ලකුණු 09ක් තුළයි. ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා එක් ලකුණ බැගින් ලබා සිිටියදී දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 02ක් පමණයි.

ඉන් අනතුරුව පිටියට එක්වූ දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 133ක අගනා සබඳතාවක් ගොඩ නැගුවා. දිමුත් කරුණාරත්න සිව්වන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 79කටයි. ඉන් අනතුරුව පිටියට පිවිසි නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 06කට දැවී ගියා.

ශ‍්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් දැවීගියේ ලකුණු 83කටයි. දිල්රුවන් පෙරේරා ලකුණු 16ක් රැස් කළා. සුරංග ලක්මාල් ලකුණු 03කට දැවී ගිය අතර කසුන් රාජිත රැස් කළේ ලකුණු 02ක් පමණයි. පන්දු යැවිමේදී ටිම් සවුති ලකුණු 67කට කඩුළු 05යි. තරගය පැවැත්වෙන්නේ වෙලින්ග්ටන් හිදීයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka