gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද සිට කොළඹට දැඩි පොලිස් ආරක්ෂාවක්

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් මහජන ආරක්‍ෂාව හා රථවාහන පාලනය සදහා කොළඹ නගරය තුළ පමණක් පොලිස් නිලධාරීන් 2000කට අධික පිරිසක් අද (15) සිට යොදවන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මෙම නිලධාරීන් නිල ඇදුමින් මෙන්ම සිවිල් ඇදුමින් ද රාජකාරී කටයුතු සදහා යොදවනු ඇත.

සිවිල් ඇදුමින් යොදවන නිලධාරීන් නගරය තුළ ගැට කපන්නන් හා වෙනත් වංචාවන් සිදු කරන පුද්ගලයින් පිළිබඳ විමසිලිමත්ව සිට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
කොළඹින් පරිබාහිරව තිබෙන නගර සම්බන්ධයෙන් ඒ ඒ පොලිස් කොට්ඨාස මට්ටමින් අවශ්‍ය ආරක්‍ෂාව සපයන ලෙසට පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී තිබේ.

එසේම උත්සව සමයේ ගිනිකෙළි භාවිතයේ දී වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත්, ප්‍රමිතිගත ගිනිකෙළි භාවිතා කරන ලෙසත්, කුඩා දරුවන්ගෙන් ගිනිකෙළි භාවිතය ඉවත් කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි

උත්සව සමයේ දී බීමත් රියදුරන්ගෙන් සිදුවන අනතුරු අවම කිරීම සදහා හෙට සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද වැඩිකරන ලෙසට රථවාහන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka