gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චාවාකච්චේරියේදී ලංගමයට ප්‍රහාරයක්

යාපනයේ සිට කතරගම දක්‌වා ධාවනය වෙමින් තිබූ ලංගම බස්‌ රථයකට පෙරේදා (02 දා) සවස යාපනයේ චාවාකච්චේරිය නුනාවිල් ප්‍රදේශයේ දී එල්ල වූ ගල් ප්‍රහාරයකින් එහි ගමන් කරමින් සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයකු තුවාල ලබා තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ යාපනයේ සේවය කරමින් සිට නිවාඩුවට නිවස බලා යැමට බස්‌ රථයේ ගමන් කළ පොලිස්‌ කොස්‌තාපල්වරයෙකි. තුවාල
ලැබූ කොස්‌තාපල්වරයා යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.

ගල් ප්‍රහාරයෙන් බස්‌ රථයේ වීදුරුවලටද අලාභහානි සිදුව ඇති අතර වහාම බස්‌ රථය නවත්වා මේ පිළිබඳව යාපනයේ චාවාකච්චේරි පොලිසියට පැමිණිලි කොට තිබේ.

යාපනයේ චාවාකච්චේරි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කොට ඇති නමුත් සැකකරුවන් මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නොමැත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka