gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දූෂිත ආහාර නිසා මියයාම ඉහළට

දූෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් උදරාබාධ හා බෝවන රෝග වඩාත් බහුල වන අතර වසරකට මිලියන 550ක් රෝගී වීම සහ දෙලක්ෂ තිස්දහසක් දෙනා මරණයට පත්වන බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සඳහන් කරයි.

හානිකර බැක්ටීරියා, වයිරස, පරපෝෂිතයන් හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු අනාරක්ෂිත ආහාර, පාචනය සිට පිළිකා දක්වා වූ රෝග තත්ත්ව 200කට වඩා ඇති කිරීමට හේතුවන බව ජාතික ආහාර සුරක්ෂිතතා
සතිය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවැසීය.

ආහාර ලබා ගැනීමේදී ඒවායේ පිරිසුදුතාව කෙරෙහි වඩාත් සැලකිලිමත් විය යුතුව ඇතැයිද ආහාර අලෙවි කරන ස්ථානවල ඒවා ලබාදීමේදී අනිවාර්යයෙන්ම අත්වැසුම් පාවිච්චි කළ යුතුව ඇතැයිද වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවැසීය.

අත්වැසුම් යොදා ආහාර බෙදීමත්, මුදල් ලබාගැනීමත් එකට කිරීමේදී ආහාරවල සුරක්ෂිතතාව ඇති නොවන බව සඳහන් කළ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ නිසා ආහාරවල බැක්ටීරියා සහ වයිරස් වැනි දේ ඇතුළත් වීමට ඉඩ ඇති බව සඳහන් කළේය.

සෑම වසරකම අප්‍රේල් සහ දෙසැම්බර් උත්සව කාලවලදී මහජනතාව ආහාර සුරක්ෂිතතාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවැසුවාය.

ආහාර සුරක්ෂිතතාව නොමැතිවීම නිසා ඇතිවන බැක්ටීරියා ආසාදනය නිසා පාචනය, වමනය, දියරමය පාචනය, ලේ සීදම්යෑම ආදිය ඇතිවීමට ඉඩ ඇති බවද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

ආහාර සුරක්ෂිතව පිළිගැන්වීමේදී අත්වැසුම් පාවිච්චිය හා සුදුසු උපකරණ පාවිච්චිය කළ යුතුව ඇතැයි පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය මේ පිළිබඳව උනන්දුවක් දැක්වීම අනිවාර්යයෙන්ම විය යුතුව ඇතැයි සඳහන් කළාය.

විසබීජ ආහාරවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා නම් බැක්ටීරියා ආසාදනය අවම කරගැනීමට හැකිවන බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරිය ආහාර පිළිගන්වන අය හා ආහාර ලබාගන්නා අයද මෙහිදී ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද අවධාරණය කළාය.

ඉදිරියේදී පැවැත්වෙන නත්තල් සමයේ වෙළෙඳසල්වලින් ආහාර ගැනීමේදී ඒවායේ සුරක්ෂිතතාව ඇති කිරීම කෙරෙහි වෙළෙන්දන්ගේත්, පාරිභෝගිකයාගේත් දැඩි සැලකිල්ලක් යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව මෙහිදී විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka