gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තියුණු ආයුධ සමඟ සිසුන් 3ක් පාසලේදී අත්අඩංගුවට

තියුණු ආයුධ තුනක්‌ පොත් බෑග් තුළ සඟවාගෙන පාසලට පැමිණි උහන පාසලක 11 වැනි ශ්‍රේණියේ සිසුන් තිදෙනකු ප්‍රශ්න කිරීම සඳහා පසුගියදා අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය කියයි.

11 ශ්‍රේණියේ සිසුන් තිදෙනකුට පහරදීම සඳහා මෙම තියුණු ආයුධ රැගෙන පැමිණි බව සැකකාර සිසුන් තිදෙනා පැවසූ බව පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

ඔවුන් ඉවත දමා තිබූ යාන්ත්‍රික කියතක දම්වැල්
ගළවා ඒවායින් ආයුධ සකස්‌ කරගෙන ඇත. සිසුන් පිරිසකට පහරදීමට වෙනත් සිසුන් තිදෙනෙක්‌ ආයුධ රැගෙන පැමිණ ඇති බවට පාසලේ විදුහල්පතිවරයාට ලැබුණු තොරතුරක්‌ මත විදුහල්පතිවරයා ආචාර්ය මණ්‌ඩලයේ කිහිප දෙනකු සමග එක්‌වී පාසලේ සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීමේදී බෑග් තුළ සඟවා තිබූ ආයුධ සොයා ගෙන ඇත.

මෙම සිද්ධිය පිළිබඳ විදුහල්පතිවරයා උහන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එල්.ඩී. කරුණාරත්න මහතාට දුරකථනයෙන් පැමිණිලි කර ඇත. ඒ අනුව පොලිස්‌ පරීක්‍ෂක කරුණාරත්න මහතාගේ උපදෙස්‌ පරිදි ප්‍රජා පොලිස්‌ ඒකකයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක චිත්‍රානන්ද මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ පාසලට ගොස්‌ ආයුධ සමග අල්ලාගෙන සිටි සිසුන් තිදෙනා පොලිසියට කැඳවාගෙන පැමිණ තිබේ.

පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා සැකකාර සිසුන් තිදෙනාගේ දෙමාපියන් කැඳවා විදුහල්පතිවරයා ඉදිරිපිටදී මෙම පැමිණිල්ල විභාග කර ඇත.

මෙවර පැවැත්වෙන අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි මෙම සිසුන් දෙමාපියන්ගේ ඉල්ලීම පරිදි, විදුහල්පතිවරයාගේද පූර්ණ එකඟතාව අනුව දැඩි ලෙස අවවාද කර පොලිස්‌ ඇප මත මුදාහැරිය බව පොලිසිය කියයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ උහන පොලිස්‌ ස්‌ථානාධිපති එල්.ඩී.එන්. කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙහෙයවයි


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka