gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්පොට් නඩුව - ශෂී වීරවංශ අධිකරණය මගහරී

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලීසිය ගොනුකර ඇති නඩුවේ විභාගය

 ජනවාරි මස පළවන දා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ  කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටි නොමැත.
සැකකාරිය පෙනී නොසිටීම සම්බන්ධයෙන් මීළඟ
දින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි නිතිඥවරුන්ට නියම කළ මහේස්ත්‍රාත්වරිය වැඩිදුර විභාගය ජනවාරි මස පළවන දාට කල් තැබුවාය.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන්ද අවවාද කෙරුණි.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට රහස් පොලීසිය විසින්  ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka