gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අකිල ශක්තිමත් වෙයි - හෙට සිට අලුත් ගමනක

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීමේ පුහුණුවීම් හෙට (13) සිට ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ නිවැරදි විය යුතු ස්ථාන මේ වනවිටත් හඳුනාගෙන ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර අකිල ධනංජය සමග මේ මොහොතේ
සියලූදෙනා සිටින බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු වන උපුල් තරංග පවසනවා. ඒ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. උපුල් තරංග, අකිල ධනංජයට පවසා ඇත්තේ ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ තීරණය හමුවේ ශක්තිමත්ව සිටින ලෙසයි.

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ප‍්‍රකාශ කරමින් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය මේ වනවිට ඔහුට තරග තහනමක් පනවා තිබෙනවා. අකිල ධනංජයට යළි ජාත්‍යන්තර තරග සඳහා එක්විය හැකි එකම මාර්ගය වන්නේ සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර, යළි පරීක්ෂණයකට මුහුණ දී සමත් වීමෙන් පමණයි. මෙම තහනම පැනවුයේ ඔහු ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට පිවිස වසර 06කට පසුව වීමද විශේෂත්වයක්. අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ප‍්‍රකාශ වී තිබුණේ එංගලන්තයට එරෙහිව ඉකුත්දා ගාල්ලේ දී පැවති ටෙස්ට් තරගයේදීයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka