gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රන්ජන්ගේ නඩුවත් ලබන අවුරුද්දට කල් යයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනා පත්‍රය අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග ගත්තේය.

සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගය පැවැත්වුණි.

නඩු විභාගය ආරම්භ කරමින් නීතිපතිවරයා නියෝජනය කළ අතිරේක
සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කරුණු ඉදිරිපත් කළේය.

එහිදී නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේත් 2017 වසරේ අගෝස්තු මස 21 වනදා ජනමාධ්‍ය වලට ප්‍රකාශයක් කරමින් වගඋත්තරකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා මෙරට විනිසුරුවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට සඳහන් කර ඇතැයි කියා සිටියේය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය අඩංගු සංයුක්ත දර්ශන තැටියක් සිරස රූපවාහිනී ආයතනයෙන් අධිකරණ නියෝග මත ගෙන්වා ගත් බවද ප්‍රියන්ත මහතා අධිකරණයට දන්වා සිටියේය.

එය නිරීක්ෂණය කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන් බැලූබැල්මටම වගඋත්තරකරුගේ ප්‍රකාශය අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව තීන්දු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්  චෝදනා පත්‍රයක් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කළ බවද නාවාන මහතා පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලේඛකාධිකාරි ප්‍රදීප් මහමත්තුමගේ මහතාගේ සාක්ෂි ද සටන් කර ගැනීම සිදු කෙරුණි.

අනතුරුව වැඩිදුර විමසීම ජනවාරි 28, 29 සහ 30 යන දිනවල කල් තැබුණි.

මීළඟ නඩු දිනයට ප්‍රථම වගඋත්තරකාර රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා අධිකරණයට දන්වා සිටියේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka