gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟ නැතිව අඩු මිලට ලබාදෙන්නැයි, ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

එළඹෙන උත්සව සමයේ වෙළඳපොල තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයක් ඇති වීමට ඉඩ නොතබන ලෙසත්, මිල ඉහළ යාමකින් තොරව සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

උත්සව සමයේ ජීවන වියදම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති විශේෂ
සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව සදහන්.

ඒ සදහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරු, මුදල් අමාත්‍යාංශයේ සහ වෙළද අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ වෙළදපොල තුළ අසාධාරණ ලෙස මිල වැඩිවීම්වලට ඉඩ නොතබා මිල නියාමනයක් සිදුකරමින් නිරන්තරයෙන් වෙළදපොල මිල පිළිබදව අවධානයෙන් පසුවන ලෙසයි.

එමෙන්ම, වෙළදපොල මිල දර්ශක පිළිබදව නිරන්තරයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

වෙළදපොල තුළ තෙල් මිල අඩුවීමේ ප්‍රතිලාභය වක්‍රාකාරව පාරිභෝගිකයා වෙත ලබාදීමේ ක්‍රමවේදය පිළිබදව ද සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka