gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංවිම අර්බුද නිසා විදුලි කප්පාදුව අත ළඟ

මාස හයක් ඇතුළත සූර්ය පැනල ව්‍යාපෘතියක් හරහා මෙගාවොට් 300ක් පමණ විදුලිය ජනනය කර ජාතික විදුලි අවශ්‍යතා පිරිමසා ගතහැකි වුවද ඩීසල් මාෆියාව ඊට ඉඩ නොදෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවරු පවසති.

මෙවැනි සූර්ය පැනල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී එය පෞද්ගලික අංශයට ලබා නොදී විදුලිබල මණ්ඩලයට ලබාදිය යුතු බවට ඔවුන්
අවධාරණය කරයි.

ඇඹිලිපිටිය ඒසී පවර් නමැති පෞද්ගලික විදුලි බලාගාරයෙන් විදුලිය ලබා නොගෙන ජල විදුලියෙන් දකුණට විදුලිය සැපයීමට හැකියාව තිබියදී විදුලිබල අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් හා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් එකතු වී පසුගිය කාලයේ විදුලිය මිලදී ගත් බවද ඔවුන් හෙළිකර සිටී.

පසුගිය කාලය පුරා විශාල විදුලි ව්‍යාපෘති කිසිවක් ඉදිනොකළ බැවින් ලබන වසරේ විදුලි අර්බුදයක් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි බවද ඉන්ජිනේරුවරු පවසති.

මේ අතර ලංවිම ඉන්ජිනේරු සංගමය හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අතර ඇති විරසකද උත්සන්න වීම නිසා බොහෝ කටයුතු අඩාල වී ඇතැයිද ඉන්ජිනේරුවරු කියා සිටිති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka