gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිව්ස්ගෙන් ශතකයක් සමගින් ඩිෆ් 10ක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට තරගයේ අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා ඉනිමට පණ දුන් ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය වාර්තා කිරිමට සමත්විය.

ශතකය ලබා ගැනීමෙන් අනතුරුව පිටියේ ඩිෆ් 10ක් ගැසූ මැතිව්ස් තමා මනසින් ශක්තිමත් බවද ඉඟිකරමින් පැවැසීය. පසුගිය ක්‍රිකට් තේරිම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව
සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරනු ලැබීය.

ලකුණු 13ට කඩුලු තුනක් ලෙස අසීරු තත්ත්වයක තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 243/3 දක්වා රැගෙන යාමට මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් සමත්වූහ. ඒ අනුව අද දිනයේදී තවත් පන්දුවාර 10ක් යොමුකිරීමට නියමිත අතර එම පන්දුවාර 10ද ඔවුන් දෙදෙනා කඩුල්ලේ රැදී සිටිය හොත් දිනය පුරාම ඔවුන් පන්දුවට පහරදීමට සමත්වන්නේය.

ශ්‍රි ලංකාව නවසීලන්තයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 53ක් පසුපසින් සිටින්නේ කඩුලු 7ක් අතැතිවය. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 245ක් රැස්කළ අතර නවසීලන්තය පිළිතුරු ලෙස ලකුණු 578ක් රැස්කිරිමට සමත්විය.

කුසල් 111* (පන්දු 251) මැතිව්ස් 107* (පන්දු 251) ලෙස ලකුණු රැස්කරගෙන සිටිති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka