gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරුවාට වඩා මල් පැළේ ලොකු වූ අම්මාට ඇප නෑ

මල් පැළයක් ගැලවීම නිසා තම දරුවාට බරපතළ අන්දමින් පහරදීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විත්තිකාරියට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කොට නැවතත් මේ මස 20දා දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ

නාරම්මල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. නාමල් පෙරේරා මහතා දැක්වූ
විරෝධය සැලකිල්ලට ගනිමිනි.

මෙසේ නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූයේ වයස අවුරුදු 2යි මාස 10ක් පමණ වූ තම සිඟිති දියණියට අමානුෂික අන්දමින් පහර දුන් නාරම්මල පොලිස් බල ප්‍රදේශයට අයත් නක්කාවත්ත අලුත්වැව පදිංචි 26 හැවිරිදි කාන්තාවකි.

අසල්වැසි පුද්ගලයකු ඉදිරිපත් කළ ජංගම දුරකථනයක තිබූ මෙම පහරදීම සම්බන්ධ රූප පෙළට අනුව නාරම්මල පොලිසිය මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඉකුත් 9දා කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙසේ මෙම නඩුව නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණයේදී නැවතත් කැඳ වූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ වින්දිත දැරියගේ ශරීරයේ පිටතින් කිසිදු තුවාලයක් දක්නට නැති නිසා විත්තිකාරිය අතින් බරපතළ වරදක් සිදුවී නැති බව පැහැදිලි හෙයින් අදාළ විත්තිකාරියට ඇප ලබාදෙන ලෙසය. එසේම මෙම සිද්ධිය රූපගත කළ තැනැත්තාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද විත්තියේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තියේ නීතිඥවරයාගේ මෙම ඇප ඉල්ලීමට බලවත් විරෝධය පළ කරමින් නාරම්මල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. නාමල් පෙරේරා මහතා දණ්ඩ නීති සංග්‍රහයේ 1995 අංක 22 දරන පනතින් සංශෝධනය වූ 308 (අ) වගන්තිය යටතේ අධිකරණයට කරුණු දක්වමින් පැහැදිලි කළේ මල් පැළයක් ගැලවූ වරදට තම සිඟිති දියණියව මහත්වූ හිංසනයකට ලක්කළ මෙම විත්තිකාරියට ඇප ලබාදීම සාධාරණ නොවන බවය.

විත්තියේ නීතිඥවරයාගේ තර්කයට අනුව මෙම දැරියගේ ශරීරයේ පිටතින් කිසිදු තුවාලයක් නැති වුවද දරුවාට මානසික වශයෙන් සිදුවූ තුවාලය සුවවීමට කොපමණ කාලයක් ගතවේද යන්න මෙන්ම මෙම හේතුව නිසා මෙම දරුවාගේ අනාගතයට විශාල බලපෑමක් සිදුවීමේ ඉඩකඩ බොහෝදුරට ඇති හෙයින් විශාල වැරැද්දක් කර ඇති මෙම විත්තිකාරියට ඇප ලබාදීමට බලවත් විරෝධය දැක්වූ පොලිස් පරීක්ෂක නාමල් පෙරේරා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණයට පවසා සිටියේ මෙම සිද්ධිය රූප ගත කළ පුද්ගලයා දරුවන් වෙනුවෙන් කර ඇත්තේ විශාල සේවයක් බවය.

එසේම මෙම තැනැත්තා එම දරුවා බේරා ගැනීමට ගියේ නම් මෙම පවුල් දෙක අතර ඇති විරසකය නිසා මෙම තැනැත්තා වෙනත් චෝදනාවන්ට ලක්වීමේ ඉඩකඩ තිබූ බවද පොලිස් පරීක්ෂකවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka