gossip lanka

පෑලියගොඩ කර්මාන්ත ශාලාවක මිනිස් හිසක්

පෑලියගොඩ දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්ත ශාලා භූමියක තිබී සිරුරෙන් වෙන් කළ මිනිස් හිසක් හමුවී තිබේ.

ඊයේ(12) අළුයම මේ පිළිබඳ අනාවරණය වී තිබෙන අතර පොලිසියේ 119 දුරකථන අංකයට ලද තොරතුරක් මත පෑලියගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මිනිස් හිස සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 05 දරණ
මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලිසිය පවසයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ හිස තැන්පත් කර තිබේ.

පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

gossip lanka