gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

කැබිනට් අනුමැතිය හිමි වු නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිමෙන් අනතුරුව ඊයේ දින රැස්වුයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමිවුණු අතර, අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අපේක්ෂා කෙරෙනවා. එලෙස සම්මත වීමෙන් පසු, ලබන වසරේ ජනවාරි මස 01 වනදා සිට රාජ්‍ය ගෙවීම් සියල්ල අඛන්ඩව සිදුකිරීමේ හැකියාව පවතිනවා.
කෙසේ වෙතත්, ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාව සිටි කාල සීමාව තුළ සකස් කරන ලද රුපියල් බිලියන 1735 ක අතුරු සම්මත ගිණුම අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වර්තමාන මුදල් අමාත්‍යවරයා කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවයි.

මේ අතර, පාර්ලිමේන්තුවේදී පසුගියදා ඇති වූ ගැටුම්කාරි තත්ත්වය පිළිබඳව සකස් කරන ස්වාධීන වාර්තාවට තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළා. ඒ අනුව, එහි සී.සී.ටී.වී දර්ශන තවමත් නරඹා අවසන් නොමැති බවයි නියෝජ්‍ය කතානායකවරයාගෙන් කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ.

එම දර්ශන ද කඩිනමින් නරඹා අවසන් කිරීමෙන් පසු පූර්ණ ස්වාධීන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම, වාර අවසාන කිරීමෙන් පසුව අහෝසි වුණු පාර්ලිමේන්තු කමිටු ස්ථාපිත කිරීම සඳහා කතානායකවරයා මෑතකදී පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka