gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුවට රු. 260,000ක අලාභයක්

පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ දේපළවලට රුපියල් 260,000ක පමණ අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර ඇති බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය සඳහන් කරයි.

මයික්‍රොෆෝනවලට සිදුව ඇති අලාභය රුපියල් 230,000 ඉක්මවයි.

සභාගර්භය වටා ඇති කණු දෙකකට හානි සිදුව ඇති
අතර ඒ සඳහා රුපියල් 30000ක් පමණ වැය වන බවට තක්සේරු කර තිබේ.

පාර්ලිමේන්තු ඉන්ජිනේරු අංශය මගින් මෙම තක්සේරු කිරීම් සිදු කර ඇතැයි ද පාර්ලිමේන්තු පාලනාධිකාරිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත් කළහකාරී සිදුවීම් අතරතුර පොත්පත් කිහිපයකට හානි සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක ය.

ඉතා වටිනා පොත් කිහිපයකට එලෙස හානි සිදුව ඇති බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය පැවසුවේ ය.

මේ අතර පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් පිළිබඳ විමර්ශනයට පත් කළ සය පුද්ගල කමිටුව ලබන 12 වන දා රැස්වේ.

එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පැවසුවේ, එම හමුවේදී කළහකාරී සිදුවීම්වලට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන නැරඹීමට සැලසුම් කර ඇති බව ය.

ඉන් පසු එම සිදුවීම්වලට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරන බව ද ඔහු පැවසුවේ ය.

කථානායක කරු ජයසූරිය පසුගිය 29 වන දා පත් කළ එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, චන්ද්‍රසිරි ගජධීර, රංජිත් මද්දුම බණ්ඩාර, බිමල් රත්නායක, මාවෙයි සේනාධිරාජා යන අයයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka