නාමල් කුමාරගේ දුරකතනය විදෙස් රටකට

දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අය විසින් ඉදිරිපත් කළ හඬ පටවල ඇතැම් ඒවා මකා දමා ඇති බැවින් එම හඬපට නැවත ආරෝපණය කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය හොංකොං රාජ්‍යයේ අදාළ දුරකතන සමාගම වෙත ලබන සතියේ රැගෙන යනු ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ දැනුම් දුන්නේය.
ඒ අනුව අධිකරණය භාරයේ ඇති නඩු භාණ්ඩයක් වූ අදාළ ජංගම දුරකතනය තම දෙපාර්තමේන්තුව වෙත මුදා හරින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා එය මුදා හරිනු ලැබීය.