gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු නාවික හමුදාපතිට ඇප

හිටපු නාවික   හමුදාපති  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  ලක්ෂ  10 ක ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට කොළඹ කොටු මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (05) නියෝග කළේය.

ඇප මත සිටියදී කිසිදු අයුරකින්  විමර්ශනවලට බාධා නොකළ යුතු බවත් තනතුර පාවිච්චි කරමින් සාක්කිකරුවන්ට  බලපෑම් නොකළ යුතු බවත් විශේෂයෙන්ම  ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි  යන  නිලධාරීයාට බලපෑම් නොකළ යුතු බවට ද මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

දැනුම්දෙන ඕනෑම අවස්ථාවකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත්  යම් හෙයකින් ඇප කොන්දේසි කඩ කළහොත් ඇප කොන්දේසි අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී පැවසීය.

පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව  එහි ප්‍රධාන සැකකරුවන   ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි  නොහොත්  නේවි සම්පත්ට රැකවරණය ලබා දුන්නැයි කියන සිදුවීම සම්බන්ධයෙන් හා එම  සිද්ධියේ ප්‍රධාන  සාක්කිකරුවකු වන  නාවික හමුදා ලුතින්න කමාන්ඩර් ගලගමගේ ලක්සිරි නැමැත්තාට තර්ජනය කිරීම   හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව ඇති චෝදනා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka