gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මව නිදිකර ගිය බිළිඳියව නැන්දම්මා මරා දාලා (PHOTOS)

මව විසින් නිවසේ නිදි කර තැබූ මාස අටක් වයසැති බිළිඳියක් නැන්දම්මා විසින් ළිදකට දමා මරා දැමූ බව කියන පුවතක් වාර්තා වෙනවා.

සැමියාගේ මව විසින් මෙම අපරාධය සිදු කර ඇති බවට වූ සැකය මත පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාවේ පුළියන්කුලම උන්ජල්කට්ටු  ගම්මානයෙන්  මෙම සිද්ධිය වාර්තා වෙන අතර ළිදේ
පාවෙමින් තිබූ බිළිඳියගේ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

මව විසින් බිළිදිය නිදි කොට නිවසින් පිටතට ගොස් යළි පැමිණ බැලීමේදී බිළිඳිය නිදිකර ගිය ස්ථානයේ නොසිට ඇති අතර පසුව අසල තිබු ළිඳක බිළිඳිය සිටින බව දැක මව විසින් උදව් ඉල්ලා කෑ ගසා තිබෙනවා.

ඒ අවස්ථාවේ හමුදා නිළධාරින්ගේ සහය ඇතිව බිළිඳිය ගොඩට ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණත් බිළිඳිය මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නිවසේ සිටි සැමියාගේ මව විසින් මෙම බිළිඳිය ළිඳට දමා ඇති බවටයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka