gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

IPL වෙන්දේසියේදී මාලිංග කෝටි 02 කට මුම්බායි මිලදී ගනී

මේ වනවිට පැවැත්වෙන ඉන්දියානු ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2019 ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සීමිත ඕවර් කණ්ඩායමේ නව නායක ලසිත් මාලිංග ඉන්දියානු රුපියල් කෝටි 02 කට අලෙවි වී තිබෙනවා.
ලසිත් මාලිංග මිලදීගෙන තිබෙන්නේ දිගු කළක් ඔහුගේ IPL නවාතැන වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනි.

ක්‍රීඩක වෙන්දේසියට පෙර ලසිත් මාලිංග ඉන්දියානු රුපියල් කෝටි 02 කට මිල නියම වී සිටි අතර අද වෙන්දේසියේදී පළමු ඉල්ලුම ඉදිරිපත් වූයේ මුම්බායි
කණ්ඩායමෙනි. කෙසේ වෙතත් වෙනත් කිසිදු කණ්ඩායමක් ඊට වඩා වැඩි වටිනාකමක් මාලිංග වෙත ලබා නොදුන් අතර ඒ අනුව ලසිත් මාලිංගට නැවතත් සිය සුපුරුදු IPL නවාතැන වෙත සමීප වීමට හැකියි.

මෙතෙක් පැවති වෙන්දේසියේදී කොදෙව් ක්‍රීඩක කාර්ලෝස් බ්‍රේත්වේට් කොල්කටා කණ්ඩායම විසින් කෝටි 05 කට මිලදී ගත් අතර කොදෙව් නැගීඑන ක්‍රීඩකට ෂිම්රන් හෙට්මේයර් කෝටි 4.2 කට බැංගලෝර් කණ්ඩායම මිලදී ගෙන තිබේ.

20/20 විශේෂඥයන් ලෙස සැලකෙන ඇලෙක්ස් හේල්ස්, බ්‍රෙන්ඩන් මැකලම්, මාටින් ගප්ටිල් යන ක්‍රීඩකයන් පළමු වටයේදී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම ද විශේෂත්වයකි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka