gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදේශිකයෝ බැඳුම්කර ආයෝජනවලින් 45% ක් ඉවත් කරගෙන

2018 ජනවාරි 03 සිට 2018 දෙසැම්බර් 12 දින දක්වා සති 50ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවේ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 145.84 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වාදී තිබේ.

2018 ජනවාරි 03 දින වන විට රජයේ සුරැකුම්පත්වල විදේශීය හිමිකාරීත්වය රුපියල් බිලියන 321.95 ක් ලෙසින් සටහන් වන අතර එය දෙසැම්බර් 12 දින වන
විට සටහන්ව ඇත්තේ රුපියල් බිලියන 176.11 ක් ලෙසිනි.

මේ අනුව ගෙවී ගිය සති 50 ක කාලපරිච්ඡේදය තුළ දී රජයේ සුරැකුම්පත්වල විදේශීය හිමිකාරීත්වය 45.29% කින් පහළ ගොස් ඇත.

මේ අතර 2018 දෙසැම්බර් 05 සහ දෙසැම්බර් 12 සතිය තුළ දී රුපියල් බිලියන 180.94 ක්ව පැවති රජයේ සුරැකුම්පත්වල තිබුණු විදෙස් ආයෝජන ප්‍රමාණය 2018 දෙසැම්බර් 12 වන විට රුපියල් බිලියන 176.11 ක් දක්වා රුපියල් බිලියන 4.83 කින් අඩු වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව 2018 ඔක්තෝබර් 23 වන විට රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය රුපියල් බිලියන 232.10 ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර ඔක්තෝබර් 23 සිට දෙසැම්බර් 12 දක්වා කාලපරිච්ඡේදය තුළ දී එය රුපියල් බිලියන 60 කින් පහත බැස තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka