gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිරුණිකාගේ නඩුව ගැන මහාධිකරණ නියෝගයක්

දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නඩුව මාර්තු මස 12 සහ 13 වැනි දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (11) නියෝග කළේය.

ඒ අනුව නඩුවේ දෙවැනි සාක්ෂිකරුගේ සිට හත් වන සාක්ෂිකරු දක්වා සාක්ෂිකරුවන් මීළඟ දින අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කිරීමට
මහාධිකරන විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා නියෝග කළේය.

2015 වර්ෂයේ දෙසැම්බර් 21 වැනිදා තරුණයෙක් දෙමටගොඩ දී පැහැරගෙන ගොස් පහර දීමට අදාළව චෝදනා 29 යටතේ නීතිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සහ ඇයගේ කාර්ය්‍ය මණ්ඩලයට අයත් සේවකයින් 5 දෙනෙකු ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට අනෙකුත් විත්තිකරුවන් හත් දෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට අත්හිටවූ සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය මීට පෙර පියවර ගත්තේය.

ඒ අනූව හත් දෙනෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවම් වසර දොළහකට අත් හිටුවීමට මහාධිකරණය නියෝග කර තිබුණි. තවද එම හත් දෙනාට රුපියල් දෙලක්ෂ අසූ පන්දහසක වන්දි මුදල් වින්දිත පුද්ගලයාට ගෙවීමට නියෝග කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka