gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෑස් මිලත් අඩු කරන බව කියයි - තවත් ක්ෂේත්‍ර කිහිපයකට සහන දෙන්න සාකච්ඡා

ඉන්ධන මිල අඩුකළා සේම ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීම සඳහා ද රජයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු ඒ පිළිබඳ කරුණු දක්වමින් සඳහන් කළේ "බලශක්තියේ මිල අඩුවෙන විට ලෝක වෙළඳපොල තුළ ගෑස්වලට ඇති වෙලා තිබෙන බලපෑම අධීක්ෂණය කරලා ගෑස් සඳහාත් සහනයක් ලබා දෙන්න පුළුවන්ද කියලා මේ වන විට රජය කටයුතු කරමින් සිටිනවා." යනුවෙනි.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ඉදිරියේදී තවත් බදු සහන ලබා දීමට රජය කටයුතු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එහිදී "පීඩාවට පත් වූ ගොවීන්ට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, විදේශ සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයින්ට ඉදිරි දින කිහිපය තුළදී එක් එක් ක්ෂේත්‍ර සඳහා බදු සහන ලබා දිය හැකි ආකාරය පිළිබඳ මුදල් අමාත්‍යාංශයත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවතින ආර්ථික සංවර්ධන කමිටුවත් කටයුතු කරමින් සිටිනවා." යනුවෙන් සඳහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka