gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂට ගෞරව සම්මානයක්

ජනමාධ්‍යවේදියෙකු, ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම අමාත්‍යාංශ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු ද වන ශාස්ත්‍රපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රනශාලාවේදී පැවති, සමස්ත ලංකා ස්වාධින මාධ්‍යෙවේදී සංගමයේ ජනාභිමාණි ගෞරව ප්‍රණාම සම්මාන උළෙලේදී, ජනාභිමාණි ජනමාධ්‍ය ගෞරව සම්මානය පිරිනමනු ලැබීය.

ඒ මහතා අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරයෙකු මෙන්ම
මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සිටිමින් ජනමාධ්‍ය විෂය ඇතුළු ග්‍රන්ථ 26 ක් රචනය කරමින් හා මාධ්‍යෙව්දියෙකු ලෙස පුවත්පත් සඳහා ලිපි සම්පාදනය කරමින් කරන ලද මෙහෙවර අගයමින් ඔහුට මෙම සම්මානය පිරිනැමිණි.

ශාස්ත්‍රපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතාට එම සම්මානය පිරිනමනු ලැබුවේ ආචාර්ය මාලිනී පොන්සේකා, ප්‍රවීණ සිනමා නිළි ශ්‍රීයාණි අමරසේන, හා ප්‍රවීණ සිනමා නළු හා අධ්‍යක්ෂ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්ම මහත්මීන් විසිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka