gossip lanka

ක්‍රිකට් සභාපති ධුරයට තුන් කොන් සටනක් !

ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අදින් අවසන් අතර සභාපති ධූරය සඳහා හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන ජයන්ත ධර්මදාස හා මොහාන් ද සිල්වා යන මහත්තුරු හා හිටපු උප සභාපතිවරයෙකු වන කේ. මතිවානන් මහතා නාම යෝජනා භාරදී තිබේ.

හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා මෙවර නාමයෝජනා ලබා දී
නොමැත.

ලේකම් ධූරය සඳහා හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග හා බන්දුල දිසානායක යන මහත්තුරු තරග වදිති.

රවීන් වික්‍රමරත්න මහතා ද ලේකම් ධුරයට නාම යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම නාම යෝජනා සියල්ල නිලවරණ කමිටුව මගින් සනාථ කළ යුතු අතර ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරනු ලබන අභියාචනා කමිටුවක් මගින් විරෝධතා ඇතොත් සලකා බැලීමට නියමිතය.

gossip lanka