කැබිනට් ඇමතිලා 30 මදි වුනොත් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර තවත් වැඩි කර ගන්නවා

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අද දිනයේ දිවරුම් දෙන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
කැබිනට් ඇමති ධුර සංඛ්‍යාව 30 සීමාවේ තබා ගැනීමට උපරිම උත්සාහ දරන බවද මන්ත‍්‍රිවරයා අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

නමුත් කැබිනට් ඇමතිවරුන් ගණන වැඩි කර ගැනීමට උවමනා වුවහොත් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර එය සිදු කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.