gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක් !

දැනට සිටින පළාත් ආණ්ඩුකාරවරුන් ලබන ජනවාරි මස මුලදී ඉවත් කර අලුතින් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පෙරේදා (18) ප්‍රකාශ කර ඇත.

එහිදී දැනට සිටින අයගෙන් කිහිපදෙනෙකුට අමතරව අලුතින් කිහිපදෙනෙකුද ආණ්ඩුකාර ධූරවලට පත්විය හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පෙරේදා
(18) රාත්‍රී ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

හේමකුමාර නානායක්කාර බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙසද, මාර්ෂල් පෙරේරා මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ලෙසද, කේ.සී ලෝගේෂ්වරන් මහතා වයඹ ආණ්ඩුකාර ලෙසද, නිලුකා ඒකනායක මහත්මිය සබරගමුව ආණ්ඩුකාර ලෙසද, රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරු ආණ්ඩුකාර ලෙසද, රෝහිත බෝගොල්ලාගම මහතා නැගෙනහිර ආණ්ඩුකාර ලෙසද , පී.බී දිසානායක මහතා මධ්‍යම ආණ්ඩුකාර ලෙසද , එම්.පී ජයසිංහ මහතා උතුරු මැද ආණ්ඩුකාර ලෙසද , ආරිය බී රැකව මහතා ඌව ආණ්ඩුකාර ලෙසද දැනට කටයුතු කරති.

(ලංකාදීප)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka