gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපි දෙනකොට නම් ඩොලරය 131යි

යහපාලන ආණ්ඩුවට රට භාරදෙන විට ඩොලරයකට ගෙවිය යුතුව තිබුණේ රුපියල් 131ක මුදලක් පමණක් බවත්, එහෙත් යහපාලන ආණ්ඩුවෙන් රට නැවත භාරගන්නා විට එම මුදල රුපියල් 177 දක්වා ඉහළ ගොස් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එසේ තිබියදී රුපියල මස්තබාල්දු වීම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නිසා සිදු වූ දෙයක් බවට ප්‍රකාශ කිරීම නිවැරදි නොවන බවද හෙතෙම පවසා සිටියේය.

මහින්ද රාජපක්ෂ යුගයේදී විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2ක් වූ බවත්, එහෙත්
ගෙවීගිය වසර තුන තුළදීම එම අගය පහළගිය බවත් ඊයේ (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

ඇතැම් අවස්ථාවලදී විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 06 දක්වා පහත වැටුණු බවත්, එසේ තිබියදී මහින්ද රාජපක්ෂ ආර්ථිකය විනාශ කළ බවට සඳහන් කරන ප්‍රකාශ නිවැරදි නොවන බවත් ඒ මහතා පවසා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු කරන සමයේදී ආර්ථිකය විනාශ වූ  බවත්, එය ඔප්පුකර පෙන්වීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka