gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිංග, මැතිව්ස් IPL වැඩිම ලංසු සිමාවේ කාණ්ඩයට

ලොව බිහිවු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් එළඹෙන 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉහළම ලංසු සීමාවේ කාණ්ඩයට ඇතුලත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 18 වැනිදා ජායිපුර් හීදි පැවැත්වීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබේ.

ඉහළම ලංසු සීමාවේ කාණ්ඩයට ඉන්දීය රුපියල්
කෝටි දෙකකට වඩා වැඩි අගයක් නියම කර ඇති බවද පැවසේ.

මෙම කාණ්ඩයේ සෙසු ක්‍රීඩකයින් වන්නේ නවසීලන්ත ක්‍රීඩක කොරී ඇන්ඩර්සන්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස් වෝක්ස්, එංගලන්ත ක්‍රීඩක සෑම් කරන්, දකුණු අප්‍රිකානු ක්‍රීඩක කොලින් ඉන්ග්‍රැම්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂෝන් මාෂ්, නවසීලන්ත ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩාර්සී ෂෝට් යන අයය.

වසර 2008 සිට 2018 දක්වා පැවති අයි.පී.එල් තරගාවලියන් හීදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා වන්නේද කඩුලු 154ක් ලබා ගත් ලසිත් මාලිංගය.

ලසිත් මාලිංග අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩකයෙක් ලෙස ආරම්භයේ සිටම මුබ්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර 2018 තරගවාරයේදි ඔහු එම කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙක් වශයෙන් කටයුතු කළේය.

කෙසේ වෙතත් ලසිත් මාලිංග හට නැවත වතාවක් අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩකයෙක් ලෙස එක්විමට වරම් හිමිව තිබීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අයි.පී.එල් තරගාවලි 6කට එක්වී ඇති අතර වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අයි.පී.එල් තරගාවලි 8කට ක්‍රීඩා කර තිබේ.

(මිරර් ගේම්ස්)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka