gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝටි 300 ක කුඩු ගෙනා ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු දැලේ

රුපියල් කෝටි 300 කට ආසන්න වටිනාකමෙන් යුත් හෙරොයින් තොගය පාකිස්ථානයේ සිට මෙරටට රැගෙන ආ ට්‍රෝලර් යාත්‍රවේ හිමිකරු යටියන්තොට ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිසිය මගින් ඊයේ (07 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

 හෙරොයින් තොගය පාකිස්‌ථානයේ සිට මෙරටට ගෙන ඒම සඳහා බෝට්‌ටු හිමියාට රුපියල් කෝටි තුනහමාරක මුදලක්‌ ලබාදීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොරොන්දු වී ඇති අතර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි දෙකක මුදලක්‌
ලබා දී ඇති බව ද විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම බෝට්‌ටු හිමියා යටියන්තොට ප්‍රදේශයේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම ප්‍රදේශයට ගොස්‌ වැටලීමක්‌ කර ඇත.

ඒ අවස්‌ථාවේ බෝට්‌ටු හිමියා කැලණි ගඟට පැන පිහිනා ගොස්‌ පොලිසියෙන් බේරීමට උත්සාහ කර තිබේ. එහෙත් පොලිස්‌ නිලධාරීහු කැලණි ගඟේ පිහිනා ගොස්‌ බෝට්‌ටු හිමියා අත්අඩංගුවට ගත්හ.

සැකකරු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ධීවර කර්මාන්තය සිය වෘත්තීය ලෙස කරගෙන ගිය ද මෙහු හෙරොයින් තොග පිටින් මෙරටට ප්‍රවාහනය කරමින් රුපියල් කෝටි ගණන් මුදල් උපයා ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම සැකකරුට අයත් බහුදින ධීවර යාත්‍රාවෙන් පාකිස්‌ථානයේ සිට හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක්‌ ශ්‍රී ලංකා මුහුදු සීමාව වෙත ගෙනැවිත් තිබුණේ ඉකුත් 05 වැනිදාය.

මෙම බෝට්‌ටු හිමියාට අයත් තවත් කුඩා බෝට්‌ටුවකට මෙම හෙරොයින් තොගය මහ මුහුදේදී මාරු කර එය බේරුවල මුහුදු සීමාවට රැගෙන එද්දී මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

හෙරොයින් තොගය ප්‍රවාහනය කිරීමේ සංවිධානාත්මක කල්ලියට තවත් පුද්ගලයන් පස්‌දෙනෙක්‌ සම්බන්ධ බවට තොරතුරු ලැබි ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 231 කිඹුලා ඇළේ ගුණා නමැති මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුට අයත් බව හෙළි වී ඇත. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ සැඟවී සිටින කිඹුලා ඇළේ ගුණා නමැති ජාවාරම්කරු මෙරට හෙරොයින් ජාවාරම මෙහෙය වන බව පොලිසිය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka