gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වතු කම්කරු වැඩ වර්ජනය අවසන්.. රුපියල් 1000 ගැන එකතාවක්..

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා දින 8 ක් පුරා වතු කම්කරුන් ආරම්භ කර තිබු වැඩ වර්ජන වෘත්තිය සමිති ක්‍රියාමර්ගය  (12) උදැසන සිට අවසන් කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේ වතු
කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග (11) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යයාලයේ පැවති  සාකච්ඡාවේදි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමග ලබන 19 වෙනි දින සාකච්ඡා කර වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවත්, වැඩ වර්ජනය හේතුවෙන් තේ කර්මාන්තය ආර්ථිකයට සිදු වෙමින් පවතින පාඩුව නිසා වැඩ වර්ජනය අවසන් කරන ලෙස ජනාධිපතිවරයා කල ඉල්ලිමක් හේතුවෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හරින බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තෝණ්ඩමන් මහතා කියා සිටියේ.

මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ නායකයින් හා මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සහභාගි වි තිබෙනවා.

වතු කම්කරුවන් දින 8 පුරා වැඩ වර්ජනය කර වතුකරය පුරා උද්ඝෝෂන ව්‍යාපාරද මේ දිනවල සිදු කලා .

- lankacnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka