gossip lanka

අර්ජුන් ඇලෝසියස්ට ඩෙංගු හැදී රෝහලට

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අර්ජුන් ඇලෝසියස් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව

 වාර්තා වේ.ඊයේ (19) උණ, කැස්ස සහ හතිය වැනී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මෙලෙස බන්ධනාගාර රෝහල වෙත අර්ජුන් ඇලෝසියස්ව
යොමු කර තිබේ.

ඔහුට ඩෙංගු රෝගය වැළදී ඇත්දැයි සැක මතුනව තිබෙන අතර ඒ ගැන පරීක්ෂා කෙරෙමින් ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.අද (20) දිනයේ පවතින නඩු කටයුත්තක් හේතුවෙන් ඔහුව අධිකරණයට රැගෙන ඒමටද නියමිතව තිබුණ අතර ඉන් පසුව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ අයතනය වෙත ඔහුව යොමු කිරීමට දැනට සැළසුම් කර ඇත.
ඒ අනුව මේ වන විට අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාර රෝහලේ 03 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි.

gossip lanka