gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වන්නියලැත්තන් ඉන්දියාවේදී සමුළුවක් අමතයි

ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තන් විස වෛද්‍ය විද්‍යාව පිළිබඳව සමුළුවකට සහභාගී වීම සඳහා හෙට (14 දා) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

නොවැම්බර් 15 වැනි දින සිට 19 වැනි දින දක්වා නැඟෙනහිර ඉන්දියාවේ, ජර්හාන්ද් ප්‍රාන්තයේ, ජම්සෙට්පූර් නගරයේදී පැවැත්වෙන මෙරට ආදිවාසී ජනයා නියෝජනය කරමින් ආදිවාසී නායකයා එම
අවස්ථාවට සහභාගි වනු ඇත.

ලෝකයේ විවිධ භාෂාවන් කතා කරන ජනයා සමඟ එක්ව පැවැත්වෙන මේ දේශීය වෛද්‍ය විද්‍යා සමුළුව ටාටා ස්ටීල් සමාගම විසින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන සුවිශේෂී වැඩමුළුවක් වන අතර මෙරට ආදිවාසී ජනතාව නියෝජනය කරමින් තමා ප්‍රථම වරට මේ සමුළුවට සහභාගි වන බව ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නියලැත්තන් පවසයි.

මේ සමුළුවේදී වන්නියලැත්තන් සර්ප විෂ වෛද්‍ය විද්‍යාව පිළිබඳව දේශනයක් පැවැත්වීමටද නියමිතය. ඔවුන් භාවිත කරන ඖෂධ වර්ග සහ ක්‍රමවේද පැහැදිලි කරන ප්‍රදර්ශනයක් පැවැත්වීමටද අවස්ථාව සලසා ඇති නිසා ඒ සඳහා අවශ්‍ය ඖෂධ වර්ග රැගෙන යාමට හෙතෙම කටයුතු කර ඇත.

ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිම්බාබ්වේ, කෙන්යාව යන රටවල් ඇතුළු විවිධ භාෂාවන් කතා කරන රටවල් 50කට අධික නියෝජිත පිරිසක් මේ සඳහා සහභාගි වන බව පැවැසූ ආදිවාසී නායකයා එම රටවල් මීට පෙර එම සමුළුවට සහභාගි වී ඇතැයිද පැවැසීය.

එම සමුළුව නියෝජනය කිරීමට එක් අයකුට පමණක් අවසර ලැබී ඇති හෙයින් වන්නියලැත්තන් සමඟින් භාෂාව පරිවර්තනය කිරීමට කිසිවකු මෙවර සහභාගි නොවීමද විශේෂත්වයකි. නොවැම්බර් 19 වැනි දින එම සමුළුව අවසන් වන අතර ආදිවාසී නායකයා 20 වැනි දින ආපසු දිවයිනට පැමිණෙනු ඇත.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka